Monday, August 7, 2017

මායාවේ යතාර්ථය, හැරී පොටර්-1 | Harry Potter , The Magical Reality-1

    ලේඛකයා කල්පිත කතන්දර , විශේෂයෙන්ම කල්පිත ග්‍රන්ථ වලට එතරම් කැමැත්තෙකු නොවේ . ඒ ඒවායින් අප පය ගසා සිටින සැබෑ ලොව අපෙන් වසං කිරීමත් නිෂ්පල සරුවපිත්තල සැරසිලි වලින් අපේ දෑස් ඉදිරිපිට නවමු කඩතුරාවක් නිමැවීමත් නිසාය. එසේම වගකීම්සහගත ලේඛකයෙකුගේ ප්‍රධාන යුතුකම නම් මිනිසාව ආනන්දයේම ගිල්වා තැබීම වෙනුවට ඔහුව ආනන්දයෙන් ප්‍රඥාව වෙත ගෙන යාමම යැයි ඔහු අවංකව විස්වාස කරයි. " මේ කාලයේ ඇති නරකම දෙය නම් නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි " යන බ්‍රෙෂ්ට් ගේ කියමන ඉතාමත්ම යුක්ති යුක්ත යැයි ඔහු සිතයි. එහෙයිනි ඔහු කල්පිතයන්ට අකමැත්තේ!

   එහෙත් ඔහුගේ ඒ ආකල්පය ප්‍රශ්න කරන්නට සමත් වූ එකම එක ෆික්ෂණයක් (fiction) ඔහුට හමු වී තිබේ. ඒ ජේ. කේ. රෝලින් ගේ හැරී පොටර් ය!