
සරදියෙල් කවි කියවන්නට ඉතාමත් ආසා ඇත්තෙකි.එහෙත් ඒ තමන්ට වැටහෙන සරල කවි මිස ගුණදාස අමරසේකරගේ බඳු මහප්පරාණ නොවේ.ඒ කවි අන් අයටද නොවැටහෙන බව මින් අදහස් නොවන අතර එය මට පමණක්ම අදාලය.
කොහොම හෝ හස්තය සේම පසුම්බියද හිස් වුණු දිනෙක- සිල්ලරව කියන්නේ නම් අතේ සතේ නොමැතිව ලොස් වුණු දාක- කීයක් හෝ උපයා ගැනීම පිණිස මම මතුගම ලංකා බැංකුව වෙත ගියෙමි. මගේ ගිණුමේම තිබුණේ රුපියල් දෙදහසක් තරම් සෝචනීය වස්තු සම්භාරයක් බව මට මතකය. ඒ.ටී.එම්. කාඩයට පිංසිදුවන්නට අප දැන් බැංකුව තුල නිශ්චිත ඩිපොසිටයක් තැබීම අනිවාර්ය නොවන බැවින් මුළු ගිණුමම පසුම්බියට ඇදගෙන පසුම්බිය සේම හදවතද පුරවා ගත්තෙමි.