Monday, August 8, 2016

මංගලජය, ඔබට ස්තූතියි! | Thanks for everything, Mangalajaya!



           ලංකාවේ ප්‍රසිද්ධව සිටි හා ප්‍රසිද්ධව සිටින නන්දසිරිලා කිහිප දෙනෙක්වම ලේඛකයා හඳුනයි. ( ඔවුන් ලේඛකයාව හඳුනන බව මින් අදහස් නොවේ .) ජ.වි.පෙ නිර්මාතෘ දොන් නන්දසිරි විජේවීර සහ වත්මනෙහි සිටිනා ප්‍රවීණම සිංහල ගායකයන් තිදෙනාගෙන් කෙනෙකු වන ආචාර්ය සනත් නන්දසිරි ඒ අතරින් ප්‍රධානය. මෙයින් ප්‍රථමයා ලේඛකයාගේ නවයොවුන් වියෙහිදී ඔහුගේ දේශපාලනික වීරයෙකු වූ අතර දෙවැන්නා අදටත් ඔහුට සංගීතයේ මිහිර ලබාදෙමින් නිදුකින් වෙසෙයි.එහෙත් අද ඔහු අකුරු අමුණන්නේ ඒ දෙදෙනා ගැනම කතා කිරීමට නොවේ.හාස්‍යයෙන් ඔහුව මුසපත් කල තෙවැනි 'නන්දසිරි වරයා' ගැන ඔබට කීමටය!

Saturday, August 6, 2016

බාචි සුසාන් කපුගේව මංමුලා කිරීම! | Hiru ate Kapuge!


           ලේඛකයා ඉතාමත් කැමති ගායකයන් අතර ගුණදාස කපුගේ ඉහලම ස්ථානයක සිටින්නෙකි. ඒ, කපුගේ ඔහුගේ ගමට යාබද බටුවන්හේනේ ඉපදුනෙකු නිසාම නොවේ.ලාංකික ගායකයන් අතර වඩාත් පෞරුෂවත්ම කටහඬ කපුගේ සතු විණි යැයි ලේඛකයා විස්වාස කරයි.ඔහුගේ කටහඬ ඇසෙනා විට අපට හැඟෙන්නේ ඉහල වේදිකාවක සිට පහල ඕඩියන්සයේ ( odiance ) රසිකයන් අමතන සුඛෝපභෝගී කටහඬක් නොව අප අතරම සිටිනා අපේ මිනිසෙකුගේ හඬකි.ඒ අප මෙන්ම කන බොන, රණ්ඩු සරුවල් කරගන්නා , අඟහිඟ කම්වලට මුහුණ පානා අපේ පංතියේ පීඩිත මිනිසෙකුගේ ළයාදර හඬ ය.