Friday, July 22, 2016

ඇහෙනවද ඒ සිනා සද්දේ...
















සරදියෙල්ගේ මවට සොයුරන් සදෙනෙකි.එනම් සරදියෙල්ට මාමාවරුන් සයකි.පණ්ඩුකාභයට වඩා සරදියෙල්ට අඩු වන්නේ එක මාමෙකි.මොවුන් අතරින් සුවිශේෂී චරිතයකි බෙන්තර අඩවියේ වෙසෙන සුද්ද මාමා.තම මාමලා අතරින් තම නිවසේම වෙසෙනා මාමා හැර හිත හොඳම එකා ලෙස සරදියෙල් සලකන්නේද ඔහුවය.එසේම පොඩ්ඩ ඇත්නම් කේන්ති යන චරිතයකි මොහු.මේ සරදියෙල්ගේ මාමලා ගැන කතා කරන ලිපියක් නොවන නිසා 'මාමා වරුණ' මෙතනින් නිමියේය. දැන් මාතෘකාවට!

Saturday, July 9, 2016

කොන්දක් ඕනෑ කර තිබේ | He Want A Spine


ප්ලිනි-ඔ-අපුලේයෝ නම් පුවත්පත් වාර්තාකරුවා වරක් ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගෙන් මෙසේ ඇසීය. " සංවර්ධනය වූ ධනවාදී රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ඒ ආකාරයෙන්ම තුන් වැනි ලෝකයේ රටවල ක්‍රියාත්මක කිරීමට හැකි වේ යැයි ඔබ සිතනවාද?".මාර්කේස් මෙසේ කීවේය." දියුණු රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ සංවර්ධනයේම ප්‍රතිපලයක් මිස කිසිදා සංවර්ධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපලයක් නෙමෙයි.ඒ ප්‍රජාතන්ත්‍රවාදය එලෙසම රෝපණය කරන්නට යාම සෝවියට් ක්‍රමය මේ රටවල පිහිටුවීමට කරන වෑයම තරමටම ව්‍යාජ අනුකාරක ප්‍රයත්නයක් පමණයි!"

වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති විකාරරූපී , අත්භූත දේශපාලන වාතාවරණය හා මේ ප්‍රකාශය මැනවින් සැසඳෙයි.ප්‍රජාතන්ත්‍රවාදයක් විඳීමට සුදුසු නොවූ ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට වෑයම් කිරීමේ අහිතකර ප්‍රතිපල වත්මන් ජනාධිපති වරයාද එහෙයින්ම රටේ ජනතාවද අඩුවක් නෑරම භුක්ති විඳිමින් සිටිති.

Saturday, July 2, 2016

තුන් වරක් පෙරුවත් වඩිය සවුත්තු වීම.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     පහත දැක්වෙන්නේ සරදියෙල්ගේ ගං තුලානේ ඇති කතන්දරයකි.                                                                                                                                                                       
එක්තරා යාලු මිත්තරයන් දෙදෙනෙක් ඉස්සර කාලේ රස්සාවට ගියේ එකටය. ඒ කාලේ අද මෙන් නානාප්‍රකාර යාන වාහන නොතිබුණු නිසා ඔවුහු රස්සාවට ගියේ දෙපා වාරුවෙනි. මේ යන ගමනේදී දෙදෙනාට කඩමණ්ඩියක් පසුකර යාමට සිදු විය. කල්යාමේදී දෙදෙනාගෙන් කෙනෙක් මෙන්න මේ කඩමණ්ඩියේ මුල්ලක ඇති කුඩා කඩපොඩ්ඩක් අසල විනාඩි දහය පහළොවක් නතර වීම සිදු විය. එතන නතර වන ඔහු තම මිතුරාට පවසන්නේ තමා තෙවරප්පෙරුමව මුණගැසී එනතෙක් ඉදිරියට ගමන් කරන ලෙසයි. දෙවැන්නාද හෙමින් හෙමින් ඉදිරියට යයි.ටික මොහොතකින් ඔහුට එක්වන පළමුවැන්නාගේ ස්වරූපය කඩයට ගොඩවැදීමට පෙර ආකාරයට වඩා වෙනස් බවද දෙවැන්නාට නොවැටහෙනවා නොවේ. මේ අටමගලය හැමදාමත් මෙසේ සිදුවනවිට මිතුරාට මෙය ගැටළුවක් විය. දිනක් පළමුවැනි මිතුරා නොපැමිණි දවසක දෙවැන්නා තනියම රස්සාවට ගියේය. තම මිතුරා වෙනදාට රිංගන කුඩා කඩය ඉදිරිපිට නැවතුන ඔහු උගුර පෑදීය.මුස්පෙන්තුවෙක් එලියට ආවේය.

"තෙවරප්පෙරුම මහත්තයා ඉන්නෙ මෙහෙද?" අපේ මිත්‍රයා ඇසීය.
"කවුරු?" ඒ මුස්පෙන්තුවාය.
"තෙවරප්පෙරුම" යලි අපේ මිතුරා.
"මෙහෙ ඇති තෙවරප්පෙරුමයෙක් නෑ" යැයි කිවූ මුස්පේන්තු මුදලාලියා ප්‍රශ්නකරු ගේ මුහුණටම කඩ දොර වසා දැමීය. අපේ මිතුරා දැන් අන්ද මන්දය.

පසුදින ඔහු මේ සිද්ධිය තම මිතුරාට, එනම් තෙවරප්පෙරුමව හඳුනන කෙනාට කීවේය.එවිට පළමුවැන්නාට හිනාවීමට මුඛය මදි විය. " යකෝ මං තෙවරප්පෙරුම කිව්වේ මිනිහෙට්ට නෙමේ".
"එහෙනං?" .
"ඒ කඩේ මුදලාලිය පෙරනවා. අපේ ගමේ බඩු වගේ නෙමේ. ඉස්පැශල් බඩු. ඌ තුං පාරක්ම පෙරලයි දෙන්නෙ.ඒකයි මං ඒවාට තෙවරප්පෙරුම කියන්නෙ".
දෙවැනි මිත්‍රයාට ද හිනාය. සංතෝසය. ඒ සංතෝසය නිසාම ඒ කඩේ මුදලාලිට ඔහු එතැන් හිට කීවේ තෙවරප්පෙරුම කියාය.
තෙවරප්පෙරුම නම එසේ උපන්නේලු!